වියලි කලාපීය වගාවට සරල යෝජනාවලියක්
- Dr K Rajakanthan
- Oct 6, 2024
- 2 min read
Updated: Oct 6, 2024

වියලි කලාපීය වගාවට සරල යෝජනාවලියක්
වගා නොකරන ලද හෝ අතහැර දමන ලද බොහොමයක් ඉඩම් සාරවත් බවින් ඉතාමත් ම අඩු තත්ත්වයක තිබෙන බැවින් ආරම්භයේදී රසායනික පොහොර යම්කිසි ප්‍රමාණයකට භාවිතා කිරීමට සිදුවනු ඇත. තවද කොම්පෝස්ට් පොහොර ගොම කුඩු, කුකුල් සහ එළුවන්ගේ අපද්‍රව්‍ය එක් කර ගැනීමෙන් තවදුරටත් පස සාවරවත් කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක වනු ඇත.
කෙටිකාලීන ව (මාස 04 ට අඩු) වගාවන් වාරිමාර්ග පහසුකම් නොමැතිව වුවද වියලි කලාපීය උස් බිම් වල මෝසම් වර්ෂාවේ උදව්වෙන් වගා කළ හැක. නමුත් මෙම වගාවට බොහෝවිට හානි සිදුවන්නේ කාලය නිශ්චිත ආරම්භයක් නොමැති වීම (පමා වීම හෝ වේලාසන ආරම්භ වීම), වර්ෂා කාලය අඩුවීම නිසා ඇතිවන නියං තත්ත්වය හෝ වැඩි කාලයක් පවතින වර්ෂාව නිසා සිදුවෙන ගංවතුර ආපදා වැනි තත්ත්වයන් නිසාය.

මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ බලාපොරොත්තු වන වගා ඉලක්කයන් පෙත යාමට නොහැකි වීමෙන් වියළි කලාපීය ගොවීන් හා සමස්ත ජනතාවම දරිද්‍ර තාවයෙන් පෙලීමයි.
මෙයට වගකිවයුතු ප්‍රධානම පාර්ශ්වයන් වන්නේ, නිවැරදි මග පෙන්වීම, සැලසුම් සකස් කිරීම හා උනන්දු කරවීම වැනි තම වගකීම් හරිහැටි ඉටු නොකරන ලද දේශපාලකයින් හා නිලධාරීන්ය.
බොහෝමයක් කුඹුරු වගා කරන ප්‍රදේශ ය වාරි සංවර්ධනයේ වාසි අත් විඳින අතර තවත්බොහෝ ප්‍රදේශ කිහිපයක් තවමත් එම පහසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටියි. ඒවා නම් පුත්තලම, අනුරාධපුර, මොනරාගල, වවුනියාව, මන්නාරම, කිලිනොච්චි, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයි.
වියලි කලාපීය උස් බිම් වලින් අපේක්ෂිත තරම් වගාවන් සිදු නොවීමට හේතුව වාරිමාර්ග ප්‍රශ්නය වුවද එම ප්‍රදේශවල පොළොව අභ්‍යන්තරයේ හොඳ ජල මට්ටමක් පවතින බැවින් විශාල නළලිං වෑනි ක්‍රම මගින් ජලය සැපයුම ක් වගාවන් වෙත කාර්යක්ෂමව ලබා දිය හැක.

කුඩා සිට මධ්‍යම ප්‍රමාණයේ වගාවන් සඳහා පළමුව අවධානය යොමුවිය යුතුය. ඔක්තෝබර් මාසයේ මැදවන විට ලැබෙන මෝසම් වර්ෂාවත් සමගම පවිත්‍ර කරන ලද භූමියේ පස පෙරළාගෙන නයිට්‍රජන් පොස්පරස් සහ පොටෑසියම් අඩංගු රසායනික පොහොර පළමුව එක් කරගත යුතුය. මෙහිදී කෘෂිදෙපාර්තමේන්තුවේ මෙන්ම ප්‍රාදේශීය නිලධාරීන්ගේ වගකීම වන්නේ අවශ්‍ය පමණ පොහොර තමා සන්තකයේ රඳවා ගැනීම සහ කාර්යයට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදීමයි.
වගාව ඇරඹීමට ප්‍රධාන ක්‍රමවේදය
වඩාත්ම සුදුසු දේ නම් කෙටිකාලීන මධ්‍යකාලීන ව හා දිගු කාලීන වගාවන් එකවර ආරම්භ කිරීමයි. මෙහිදී අප තෝරා ගන්නේ තනි බෝග වගාවක් ද නැතිනම් මිශ්‍ර බෝග වගාවක් ද යන්න සලකා බැලෙන්නේ සපයා ගැනීමේ පහසුව ප්‍රාදේශීය අවශ්‍යතාවය පසෙහි ස්වභාවය සහ වැසි ලැබීමේ සම්භාවිතාව මත පදනම්වය.
මාස 06 අඩු කෙටිකාලීන බෝග
සෝයා බෝංචි බඩ ඉරිඟු කවුපි, මුං ඇට, රටකජු අල, බතල, මහියොක්කා, මිරිස් සහ තෝරා ගත් එළවළු


මාස 06 සිට අවුරුදු 02 දක්වා
කහ ඉඟුරු ගම්මිරිස් ගස්ලබු
(මෙම භෝගවලට වියලි කලාපයේදී වාරි පහසුකම් අවශ්‍යය වේ)

අවුරුදු 02 සිට 05 දක්වා
ගම්මිරිස්, කුරුඳු, කෝපි, ඔලිව්, කෙසෙල්, ආමන්ඩ්, මිදී, පෙයාස්
(පස වර්ෂාව දේශගුණික හා කාලගුණික තත්ත්ව වල ගැලපීම ගැන කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව හරහා සොයා බැලිය යුතුය)

අවුරුදු 05ට වැඩි
අලි පේර වැනිලා කජු කොකෝවා තේක්ක වල්ල පට්ට (සඳුන්) මහෝගනී පයින් (කඳු නාය යාම වැළැක්වීම සඳහා)
වගාවන්ගේ පරතරය තීරණය කිරීම ප්‍රධාන වශයෙන්ම බෝග වර්ගය අනුව තීරණය කෙරේ. (කෙටිකාලීන දිගුකාලීන හෝ මධ්‍ය කාලීන) . අධික උෂ්ණත්වය හා වැඩි කාලයක් වියළි කාලගුණයකට ඔරොත්තු දීමේ විශේෂ හැකියාවක් ඔලිව් ශාකය සතු වේ. එනිසා මෝසම් වර්ෂාව ආරම්භයේදීම වගා කළහොත් ඊළඟ වියලි කාලය වන විට හොඳින් මුල් අද්දවා ගත හැක. සැලකිය යුතු ප්‍රමාණයට වැඩුණු ඔලිව් පැළ ආනයනය කිරීම ගැන ප්‍රථමයෙන්ම අවධානය යොමු කළ යුතුය.
ස්තුතියි
මෙවැනි ව්‍යාපෘතියකට කැමැත්තක් දක්වන සෑම කෙනෙකුටම ඉක්මනින්ම ප්‍රාදේශීය කෘෂි නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඉක්මනින්ම හමුවීමෙන් අවශ්‍යය කටයුතු සම්පාදනය කරගත හැක
Comentarios