top of page

වියලි-කලාප ඉඩම් කොළ පැහැයෙන් බබලවන්නට නව ජනපතිට විශේෂ යෝජනාවක්.


agri

ඊසාන දිග මෝසම තව නොබෝ දිනකින් උදාවනු ඇත. සෑම වසරකම එකලෙස වර්ෂාව නොලැබුණත් මේ අවස්ථාවේ දී අප නිවැරදි ලෙස සංවිධාන ගත වුවොත් මේ අපිට වාසිදායක වගා කාලයක් බවට හරවා ගත හැක. අන්තර් මෝසම් කාලයේදී සිදු කරන වගාවන් වඩාත් ඵලදායක වනු ඇත. 2025 වන විට සියලුම වියලි-කලාප ඉඩම් කොළ පැහැයෙන් බබලවන්නට මෙම ව්‍යාපෘතිය හරහා අපට හැකි වනු ඇත.


හම්බන්තොට මොනරාගල අම්පාර මඩකලපුව ත්‍රිකුණාමලය පොළොන්නරුව අනුරාධපුර පුත්තලම මන්නාරම වවුනියාව මුලතිව් වේ කිලිනොච්චි කරන්න මාතර සිට ඇඹිලිපිටිය දක්වා වන සමහර කොටස් මාතලේ හා බදුල්ලේ මහර ප්‍රදේශ කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක හා ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය


සාමාන්‍යයෙන් ම තායිලන්තයෙන් අප ආනයනය කරන දෙමුහුම් හෙවත් හයිබ්‍රිඩ් බඩ ඉරිඟු බීජ මේ කාර්යයට අවශ්‍ය වනු ඇත.


භූමිය අවශ්‍ය පරිදි සකසා ගත හැකි වේ නම් අප ඉක්මනින්ම අක්කර ලක්ෂයකට පමණ අවශ්‍ය කරන බීජ ඉක්මනින්ම සපයා ගත යුතු වේ. මෙම කාර්ය සාර්ථක වුවහොත් ඊළඟ වසරේ සිට අප බඩ ඉරිඟු බීජ ආනයනය කිරීම නතර වනු ඇති අතර බඩ ඉරිඟු අපනයනය කිරීමටද සැලසේ. සෝයා බෝංචි බීජ ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් කර ගත හැක.


agri

මෙම අවස්ථාව මගහැර ගතහොත් ඊළඟ වසරේ එළඹෙන නව මෝසම් වර්ෂාව ආරම්භ වනතෙක් අපට බලා සිටීමට සිදුවනු ඇත. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව වැඩි කිරීමෙන් සහ වඩාත් ඵලදායි ප්‍රතිඵල ය ලබාගත හැක.


පසෙහි ස්වභාවික සංයුතියට හානියක් නොවන පරිදි කාබනික පොහොර හා රසායනික පොහොර සමබරව යොදා ගැනීම අවශ්‍ය වේ.


පලිබෝධනාශක භාවිතා කළ යුතු වන්නේ ලෙඩ රෝග කල් තියා වළක්වා ගැනීම ට පමණක් නොව ආහාර හා ජල සම්පතට රසායන එකතු වීම වළක්වා ගැනීමේ අපේක්ෂාවෙනි. (රසායන ද්‍රව්‍ය නිසා සිදුවන පිළිකා රෝග තත්ත්ව වකුගඩු රෝග අඩු වයස් මරණ සිරෝසිස් වැනි රෝග තත්ත්වයන් වළක්වා ගැනීම ප්‍රධාන අරමුණකි)

මේ වන විට තෙත් කලාපයේ ඇති සියලුම කෘෂිකාර්මික මෙවලම් රථවාහන ය හා උපකරණ ය කාර්යය සඳහා යොදාගත යුතුවේ. එනම් බඩ ඉරිඟු බීජ බීජ සෝයා බෝංචි බීජ හා රට කජු වගාව වෙනුවෙන්ය.


agri

තෙත් කලාපය වගාව ඕනෑම කාලයකදී සිදු කළ හැකි වුවත් වියලි කලාපය වගාව සුදුසු කාලයේදී පමණක් සිදු කළ යුතුය. මේ වෙනුවෙන් අපහට උපදෙස් හා මගපෙන්වීම කළ හැකි වුවද, ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ සිට ියේ බිම් මට්ටමේ සේවකයින් දක්වා දෙනාගේ උත්සාහය හා කැපවීම නොමැතිව මෙය සාර්ථක කරගත නොහැක


අක්කර පහක භූමි ප්‍රදේශයක් පාලනය කළ හැකි අයෙකුට ප්‍රදේශය සම්පූර්ණයෙන් ම භාරදිය හැක . විශ්ව විද්‍යාල යේ උපාධිධාරින් සඳහා වඩාත් යෝග්‍ය වනු ඇත. ඒ වෙනුවෙන් ඔවුන්ට 10% ලාභාංශයක් ගෙවිය හැක. එමෙන්ම මේ වෙනුවෙන් ආයෝජනය කරන අයෙකුට අඩුම තරමින් 50% ලාභාංශයක්වත් ගෙවිය යුතුය. නැතහොත් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම අපහසු වනු ඇත.


agri

දේශපාලන මැදිහත්වීමකින් තොරව කාර්යය න්ම ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා කළ යුතු වන අතර සැලසුම් කරන ලද සියලුම ඉඩම්වල සෑම බිම් අඟලක්ම වගා කිරීමේ වගකීම ඉඩම් හිමිකරුවන් සතුවේ.


හිමිකාරිත්වයත් තහවුරු කර ගත නොහැකි ඉඩම් වහාම ලැයිස්තුගත කර බිම සකස් කර වගාව හා සාරවත් කිරීමේ ක්‍රියාවලිය ක් ඉක්මනින්ම ආරම්භ කර ගත යුතුවේ. පවතින ජීවන වියදමට සරිලන වැටුපක් සමගින් මෙම කාර්යය සඳහා එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුවේ. කම්කරුවන් සඳහා රුපියල් තුන්දහසක අවම දීමනාවක් මෙහිදී යෝජනා කළ හැක. එලෙස කම්කරුවන් සොයාගත නොහැකි නම් පට ප්‍රදේශවලින් පැමිණෙන කම්කරුවන්ට ප්‍රමුඛස්ථානයක් දිය හැක.

Comments


bottom of page