මගේ වගා සිහිනයේ මූලික පදනම
- Dr K Rajakanthan
- Oct 4, 2024
- 1 min read

මගේ වගා සිහිනයේ මූලික පදනම: රක්ෂිත වනාන්තර වල සීමා මායිම් පිළිබඳව ඇති අපැහැදිලි බව නිසා බොහෝ අවස්ථාවන්වලදී වන සංරක්ෂණ නිලධාරීන් බැකෝ යන්ත්‍ර ගෙන එන පුද්ගලයන්ට ඒවා වනාන්තරය තුළින් රැගෙන යාමට විරුද්ධ වන බව විවිධ පුද්ගලයින් විසින් දැනුවත් කරනවා.
මින් පෙර කිසිම අවස්ථාවක හෙළි පෙහෙළි කර නොමැති වනාන්තර එලෙසින්ම පවත්වාගෙන යා යුතු අතර, කිහිප වතාවක් හේන් වගාව සඳහා යොදාගත් හා පසුව අතහැර දැමූ වනාන්තර ප්‍රදේශ තිබේනම් ඒවා නැවත වගා කටයුතු සඳහා යොදාගත හැක.

මෙම ව්‍යාපෘතිය සඳහා අප විසින් යොදාගන්නා ප්‍රදේශ එක් වගාවක් මත පමණක් ම යැපෙන්නේ නැති බැවින් එම ප්‍රදේශද බොහෝ දුරට වනාන්තරයක් මෙන්ම ගස් වැල් වලින් පිරී යනු ඇත.
අපගේ සැලසුම වන්නේ කෙටිකාලීන ධ්‍යම කාලීන කුඩා ප්‍රමාණයේ විශාල ගස් යන සියල්ලන්ගේම එකතුවක් වෙන ලෙසට මෙම වගාවන් ආරම්භ කිරීමයි.

මෙහිදී ස්වභාවික පරිසරය තා කුඩා ප්‍රමාණයක රසායනික පොහොර ස්වභාවික ලෙසින් යොදා ගන්නා වගාවන්ට සහය වන කෘමීන් වැනි ක්‍රමවේද යොදා ගැනීම මගින් ස්වභාවික අස්වැන්නක් කරා ගමන් කළ හැක.
එය මගේ වගා සිහිනයේ මූලික පදනමයි.
ප්‍රාදේශීය ලේකම් මුල් තැන ගෙන කටයුතු කරන සාකච්ඡා වට කිහිපයකට වන සංරක්ෂණ නිලධාරීන්ද සම්බන්ධ කර ගැනීම මගින් සීමා මායිම් නිර්ණායක ගැන සියලුම දෙනාට පැහැදිලි අදහසක් ලැබෙනු ඇත.
Comments